FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප 66 වැනි සංවත්සරය සඳහා මහින්දටත් ඇරයුම්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදා කොළඹ කැම්බල් පිටියේදී පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂය කියයි.

මීට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ආරාධනා පත්‍ර මගින් ආරාධනා කිරීමටද සැලසුම් කර ඇති බවද එම පක්ෂ වාර්තා වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)