FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වෙඩි තැබිමක්..

හම්බන්තොට වියළි කලාප උද්භිද උද්‍යානය අසළදී අද (19දා) උදෑසන 8.30ට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් වාර්තා වේ.

තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

(DE සිල්වා)