FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට සුදානම්වන්නැයි අගමැති එජාපයට කියයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන දෙසැම්බර් මස හෝ ජනවාරි මාසවලදී පැවැත්විය හැකි බැවින් ඒ සඳහා සූදානම් වන්නැයි එක්‌සත් ජාතික පක්‌ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට දන්වා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

රට තුළ ස්‌වාභාවික ආපදාවක්‌ සිදුනොවුණහොත් එම මැතිවරණය බොහෝ විට දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට හැකි බවත් එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම් වන ලෙස අගමැතිවරයා පසුගිය සිකුරාදා පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී පවසා ඇති බව සඳහන්.

මෙහිදී එජාපයෙන් උගත්, බුද්ධිමත් අපේක්‌ෂකයන් මැතිවරණයට ඉදිරිපත් යුතු බවත්, කාන්තා නියෝජනය 25% ක්‌ විය යුතු බවත් අගමැතිවරයා දන්වා ඇති බව වැඩි දුරටත් පැවසේ.

(DE සිල්වා)