FAST NEWS

24×7 Around the Globe

දේශගුණික විපර්යාසයන් අනුව ආර්ථිකය සැකසිය යුුතු බව අගමැති කියයි..

දේශගුණික විපර්යාසයක් සිදුවේ නම් මෙරට ආර්ථිකයද ඊට ගැළපෙන අයුරින් සකස් කරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ට්‍රැක්ටර්, ජල බවුසර් ලබාදීමේ වැඩසටහනේ දෙවැනි අදියරට ඊයේ (18) සහභාගි වෙමින් පැවැසීය.

එම ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සඳහා සැලසුම් සකස් කළ යුතු බවද හෙතෙම එහිදී පෙන්වාදෙනු ලැබීය.

“අපේ කලාපයේ මෙන්ම ලොව සෙසු කලාපවලද දේශගුණ පරිවර්තනයක් සිදුවෙනවාද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමහර නිලධාරීන්, උපදේශකවරුන් කියන්නේ ලෝකය දරුණු නියං තත්ත්වයක් කරා ගමන් කරන බවයි. එසේ නම් එම දේශගුණික විපර්යාසයන්ට අනුව අප රටේ ආර්ථිකයද සැලසුම් කළ යුතුයි” යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.”