FAST NEWS

24×7 Around the Globe

ඡන්ද නාම ලේඛන සංශෝධන ප්‍රදර්ශනය 23 වැනිදා සිට..

මෙවර ඡන්ද නාම ලේඛන සංශෝධනයේ මූලික ප්‍රදර්ශන කටයුතු අගෝස්තු මස 10 වනදා සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මෙවර ඡන්ද නාම ලේඛන සංශෝධනයේ බී.සී ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු මේ වන විට සිදු වන බවත් ඉන් අනතුරුව සංශෝධිත නාම ලේඛනය මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර එය අගෝස්තු මස 24 වන දින සිට සැප්තැම්බර් 06 වන දින දක්වා ප්‍රදර්ශනය කරනු ඇත.

මෙම සංශෝධත නාම ලේඛනය සඳහා විරෝධතා ඇත්නම් ලිඛිතව ඉදිරිපත් කළ යුතු බවත් ඉන් අනතුරුව 2017 ඡන්ද නාම ලේඛය සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අත්සන් තැබීමට නියමිත බවත් එම කොමීසම සඳහන් කරයි.

(DE සිල්වා)