FAST NEWS

24×7 Around the Globe

තද සුළං හා සිහින් වැසි..

දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18) දිනයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද සඳහන්.

කෙසේ වෙතත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සිහින් වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)