FAST NEWS

24×7 Around the Globe

උතුරු ධීවර ඇමති ඉවත් කරන්නැයි ඉල්ලීමක්…

උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍යධූරයෙන් පී.ටෙනීස්වරන් මහතා ඉවත් කරන්නැයි එම අමාත්‍යවරයා නියෝජනය කරන ටෙලෝ සංවිධානය විසින්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මහ ඇමැති විග්නේෂ්වරන් මහතාට ගෙන එනු ලැබූ විශ්වාස භංගයට සහාය නොදැක්වීමට ටෙලෝ සංවිධානය තීරණය කර තිබිය දී එම තීරණය නොතකා ටෙනීස්වරන් මහතා විශ්වාස භංගයට අත්සන් තැබු බව එම පක්ෂය සඳහන් කර තිබේ.

එමෙන්ම පළාත් අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා ගැන සිදු කෙරෙන විමර්ශනවලට සහාය නොදක්වන බව එම ටෙනීස්වරන් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි ද, පක්ෂයේ තීන්දු තීරණවලට එකඟ නොවන නිසා ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇතැයි ද එම පක්ෂය සඳහන් කර ඇති බව සඳහන්.

පක්ෂයේ තීරණය එහි ලේකම් එන් ශ්‍රීකාන්තා මහතා  විසින් මහ අමැතිවරයාට ලිඛිතව දන්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)