නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන නොමැති බවත්,එය වසර 10 ක බද්දකට ලබාගෙන ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (17) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
“අපි කිව්වේ සයිටම් අහෝසි කරන්න කියලා.සමහරු කිව්වා සයිටම් ජනසතු කරන්න කියලා.නමුත් ආණ්ඩුව යන්නේ කොහේද මල්ලේ පොල් වගේ උත්තරයක් ලබාදෙමින් රෝහලක් ජනසතු කළා කියනවා.රෝහල පවරාගන්න කියලා කිසිකෙනෙක් ඉල්ලුවේ නැහැ.සයිටම් එක රජයට පවරාගන්න කිව්වාම ආණ්ඩුව කිව්වේ පෞද්ගලික දේපොළ රජයට පවරාගන්න බැහැ, ඒකට නීතිමය බාධාවක් තිබෙන බවයි.එසේනම් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත්ත බව කියන්නේ කෙසේද?එසේ නම් මේ අය නීතිමය බාධාව ගැන කියපු දේ බොරු.එසේ නැතිනම් රෝහල රජයට පවරාගෙන නැහැ.
මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ආණ්ඩුව ඉදිරිපත් කළා.එම කැබිනට් පත්‍රිකාවේ තිබෙන දේ සහ ආණ්ඩුව පවසන දෙය අතර විශාල වෙනස්කම් තිබෙනවා.එම කැබිනට් පත්‍රිකාවේ තුන්වැනි පිටුවේ තුන්වැනි වගන්තියේ සඳහන් වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයයි,ලංකා බැංකුවයි,නෙවිල් ප්‍රනාන්දු රෝහලයි අත්සන් කරන ගිවිසුමකට අනුව වසර 10කට නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා රජය විසින් බද්දට ගන්නවා කියලා.බදු ගන්නා කාලය තුළ නාමික බදු මුදලකුත් ගෙවනවා.
බද්දට ගත් කාලය තුළ මෙහි සියලු දේපොළවල අයිතිය නෙවිල් ප්‍රනාන්දුට අයිති බව මෙහි පැහැදිලිව සඳහන් වෙනවා.මේක රජයට අයිති වෙන්නේ නෙවිල් ප්‍රනාන්දු ණය ගෙවා අවසන් කළ පසුවයි.ණය ගෙවා අවසන් කිරීමට නියමිත කාලයක් මෙහි කිසිම තැනක සඳහන් වෙන්නෙ නෑ.නෙවිල් ප්‍රනාන්දු ණය ගෙවා අවසන් වූ කාලයක මෙය රජයට අයිති වෙනවා.මිලියන 2000 ණය ගෙවන්න අවුරුදු 100ක් ගතවුණොත් එම කාලය තුළ අයිතිය තිබෙන්නේ නෙවිල් ප්‍රනාන්දුට හා ඔහුගේ අනුප්‍රාප්තිකයාටයි.
නෙවිල් ප්‍රනාන්දුට අයිති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විශාල ලාභ ලබා තිබෙනවා.දේශීයආදායම්දෙපාර්තමේන්තුවේදත්තවලටඅනුව 2014 වසරේශුද්ධ ලාභය රුපියල් මිලියන 1265යි.
ගිය අවුරුද්ද වෙද්දි එය රුපියල් මිලියන 1300ක් වෙනවා.නමුත් මෙම අධ්‍යාපන කඩය ආණ්ඩුව ගන්නෙ නෑ.නමුත් පාඩු ලබන නෙවිල් ප්‍රනාන්දු රෝහලට භාරකාරීත්වයක් සහ අරමුදල් සැපයීමට රජය දායක වෙනවා” යනුවෙන් කියා සිටියේය.








