FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය පිළිබඳ කෙටුම්පත ලබන සතියේ පාර්මේන්තුවට..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව රජයේ කටයුතු මේ වන විට අවසන් බවත් අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් , ඩෙංගු උවදුර මැඬලීම සඳහා ඊයේ (17) කොළඹ පදනම් ආයතනයේ දී පළාත් පාලන ආයතනවල සැලසුම් සකස් කිරීම වෙනුවෙන් පැවැති වැඩමුළුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ආණ්ඩුව මැතිවරණ නොපවත්වන බවට දේශපාලනමය වශයෙන් සහ මාධ්‍ය තුළ විවිධ විවේචන එල්ල වුව ද සිදුව ඇත්තේ ආණ්ඩුව මැතිවරණ නොපැවැත්වීම නොව පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට අදාළව මීට පෙර සකස් කළ පනතේ තිබූ අක්‍රමිකතාව සහ අවිධිමත් භාවය බවත් ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම හේතු නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

(DE සිල්වා)