FAST NEWS

24×7 Around the Globe

ජනපතිට හා අගමැතිට මහාධිකරණයෙන් සිතාසි..

කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (17) යළි සිතාසි නිකුත් කළේය.

මීන් පෙර ඔවුන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණ ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ ප්‍රකාශ කළේ රාජකාරි හේතු මත සාක්ෂිකරුවන්ට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව දන්වා සිටියහ.

ඒ අනුව ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නඩු විභාගය දෙසැම්බර් මස 04 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට නියමීතය.

(DE සිල්වා)