FAST NEWS

24×7 Around the Globe

අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවකයෝ 20 ක් ගැන පරික්ෂණ..

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් විසිදෙනකුට පමණ එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එම පරීක්‍ෂණයේ මූලික පියවරක්‌ ලෙස, ජුලි 20 වැනිදාට පෙර  ලිඛිතව නිදහසට කරුණු දක්‌වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම නිලධාරීන්ට දන්වා ඇත.

ඇතැමුන් ඒ සඳහා තවත් කල් ඉල්ලා ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.

මෙම නිලධාරීන් අදාළ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවන අවස්‌ථාවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අය වන අතර ඇතැමුන් මේ වන විට මාරුවීම් ලැබ මහ බැංකුවේම වෙනත් දෙපාර්තමේන්තුවල සේවය කරමින් සිටින බව ද දැනගන්නට ඇත.

මෙම නිදහසට කරුණු විමසා ඇති මහ බැංකු නිලධාරීන් අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු සිටින බව ද දැනගන්නට ඇත.

(DE සිල්වා)