FAST NEWS

24×7 Around the Globe

තට්ටු නිවාස යෝජනා ක්‍රමය ගැන අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්..

ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ සහ අවදානම් කලාපයේ සිටින ජනතාවගේ කැමැත්ත පරිදි ඔවුන්ට නිවාස ලබාදීම සඳහා උසෙන් අඩු තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් අත්හදා බැලීමක් ලෙස ඉදිකරීමට අවධානය යොමු කරන මෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දන්වනු ලැබීය.

නෙලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වුණු වර්ෂාපතන සහ ගංවතුර නිසා සිදු වූ ආපදාව යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා ඊයේ (14) මේ බව පැවැසීය.

විනාශ වූ පොලිස් ස්ථාන නැවත ඉදිකරන විට අවශ්‍ය සේවා පහසුකම් සහිතව දෙමහල් ගොඩනැගිලි ඉදිකරන ලෙසත් හානියට පත්වූ ව්‍යාපාරික ස්ථානවල තක්සේරු වාර්තා හැකිතාක් ඉක්මනින් ලබාගෙන ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීමට හා ඔවුන්ගේ අතට මුදල් ලබාදී ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන ලෙසත් ඒ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.