FAST NEWS

24×7 Around the Globe

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා බන්ධනාගාරගත කෙරේ..

පුද්ගල අතුරුදහන් කිරීමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ජූලි 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

එසේම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මගින් වාර්තාවක් ලබාදෙන ලෙස ද  අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට මෙහිදී නියෝග කරනු ලැබීය.

2007 කාළ වකවානුව තුළදී  පුද්ගලයන් 11 දෙනකු  අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාව  වැලිසර නාවික හමුදා රෝහලේ  ප‍්‍රතිකාර  ලබමින් සිටියදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

(DE සිල්වා)