උමා ඔය ව්‍යාපෘතියෙන් විපතට පත් සියලු පවුල්වලට සැප්තැම්බර් 15ට පෙර වන්දි ගෙවා අවසන් කිරීමට තීරණය කර ඇති බවත් ,ඒ සඳහා රුපියල් මිලියන 300 ක් මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව පත් කළ අනු කමිටුව ඊයේ (13දා) රැස්වී මෙම තීරණය ගත් බව අමරවීර මහතා සඳහන් කළේය.
එම අනුකමිටුවට අමාත්‍ය මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන අය සහභාගි වී තිබේ.
උමා ඔය ව්‍යාපෘතියෙන් විපතට පත් ජනතාවට මතුව තිබෙන ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස ඔහිය සිට දියතලාව දක්වා දුම්රියෙන් ජලය බෙදා දීමට උමාඔය ව්‍යාපෘතියෙන් කාන්දු වන ජලය දිනකට ලීටර් ලක්ෂ 4 ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවද ඒ හරහා එක් පවුලකට දිනකට ජලය ලීටර් 500 බැගින් බෙදා හැරීමට සූදානම් බවද ඒ මහතා පවසයි.
(DE සිල්වා)