FAST NEWS

24×7 Around the Globe

වංචා විමර්ශන කාර්යාලයක්‌ පිහිටුවීමේ පනතක් පාර්ලිමේන්තුවට…!

මහා පරිමාණ මූල්‍ය වංචා ඇතුළු සියලුම වංචා, දූෂණ සොයා බැලීම සඳහා බලය හිමීවන බරපතළ වංචා විමර්ශන කාර්යාලයක්‌ පිහිටුවීමේ පනත ඉතා ඉක්‌මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ තීරණයක්‌ අනුව මෙම බරපතළ වංචා විමර්ශන කාර්යාලය පිහිටුවන අතර එමගින් බරපතළ වංචා, දූෂණ පිළිබඳව නීතිපති උපදෙස්‌ අනුව අසීමාන්තිකව පරීක්‍ෂණ පැවැත්වීමේ බලය පොලිස්‌ දෙපාර්තමේන්තුවට හිමීවන බවත් පැවැසේ.

මෙම පනත සම්මත වූ පසුව දියුණු රටවල මෙවන් වංචා, දූෂණ මැඬලීමේ ක්‍රමවේදයන්ට ඇති බලය ඉක්‌මවෙන පරිදි පොලිසියට මෙමගින් බලය පැවරීමට නියමීත බව වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)