FAST NEWS

24×7 Around the Globe

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගැනේ..

කොළඹදී තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී. දසනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, එම සිද්ධියට ආධාර අනුබල දීමේ වරද මත නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට ගත්බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

2008 – 2009 කාලය තුළ දී කොළඹ ප්‍රදේශයේ තරුණයින් එකොළොස්දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ව නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන අනතුරුව අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

සැකකාර නාවික හමුදා කොමදෝරුවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර තවත් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිති.

(DE සිල්වා)