ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමය තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වීමක් හා මානව හිමිකම්වල දියුණුවක් දැකිය හැකි බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර සිටී. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය සම්බන්ධ කරුණුවල පැහැදිලි ප්‍රගතියක් ඇති බවද බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. රටින් පිටවී සිටි මාධ්‍යවේදීන් මෙරටට පැමිණීමට හැකියාව ලැබිමත් අවහිර කරන ලද වබේ අඩවිවල එම තහනම ඉවත් කර තිබිමත් මෙහිදී ඉතා වැදගත් වන බවද එම වාර්තා පෙන්වා දෙයි.
උතුරු නැගෙනහිර පළාත්වල යොදවා තිබූ දැඩි හමුදා ආරක්ෂාව ඉවත් කර ඔවුන් නිරීක්ෂණ කටයුතුවලින්ද ඉවත් කිරීම ඉතා හොඳ ප්‍රවණතාවක් බව එම වාර්තාවේ සඳහන්ය. ඒ අනුව එම පළාත්වල සිවිල් පුද්ගලයින්ට ඔවුන්ගේ කටයුතු ගැටලුවකින් තොරව සිදුකරගෙන යාමේ හැකියාවක් ලැබි ඇති බවද එම වාර්තා මගින් සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම නව රජය බලයට පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවන්ට අනුව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන බවට ප්‍රකාශ කිරීමද මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පෙන්නුම් කළ සාධනීය කාරණයක් බව එම වාර්තාව පෙන්වා දෙයි.







