දූෂණ ලේකම් කාර්යාලය අහෝසි කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කිරිම වැළැක්වීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
“මේ අණ්ඩුව බලයට ආවේ දූෂණ ක්‍රියාවන් පිළිබඳ විමර්ශන කරන්න වෙනම විනිශ්චය කොමිෂන් සභාවක් ඇති කරනවා, අවශ්‍ය වුවහොත් වෙනම අධිකරණයක්ද පිහිටුවනවා කියලා මහා සද්දෙට රටටම කියලයි. “
“එහෙත් ඒ වෙනුවෙන් හදපු දූෂණ විරෝධි ලේකම් කාර්යාලය අහෝසි කරන්න මේ වන විට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්වයං මරණයකට ලක්වෙනවා. එම ආයතනය පිහිටෙව්වේ දූෂණ ලේකම් කාර්යාලයට ලැබෙන පැමිණිලි වැඩිදුර විමර්ශන සිදුකර නඩු පැවරිමේ ක‍්‍රියාවලිය සම්පූර්ණ කිරිමට නිසා දූෂණ ලේකම් කාර්යාලය අහේසි කළ පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ රාජකාරියද ඉබේ අවසන් වෙනවා“
“මෙම ආයතනය වසා දැමීමට ප‍්‍රධාන හේතුවක් ලෙස කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත්ව තිබු මිලියන 409ක වියදමක් කළත් කිසිදු වැඩක් නෑ කියන චෝදනාව සම්පුර්ණ අසත්‍යයක්. මේ ආයතනය වසර දෙකකුත් මාස පහට වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 32ක් පමණයි. ඒ වගේම මෙමගින් කළ විමර්ශන නිසා රුපියල් මිලියන 1900කට වැඩි මුදලක් රටට උපයා දී තිබෙනවා. ඒ නිසා සත්‍ය හේතුව වියදම් වැඩිවීම නොව රාජිත සේනාරත්න ඇතුළු ගිය ආණ්ඩුවේ හිටපු මේ ආණ්ඩුවෙත් ඇමතිකම් දරණ වැඩි පිරිසකට එරෙහිව මේ ආයතනයට පැමිණිලි ලැබී තිබීම හා ඒවා විමර්ශනය කිරිම මේ වන විට අරඹා තිබීමයි“ යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.