බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිද ප‍්‍රකාශයක් ලබා දීම සදහා අද (20) දිනයේ මුල්‍ය විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමට නියමිතය.
මහ ඇමතිවරයා සහ බිරිද මෙලෙස එම ඒකකය හමුවේ පෙන සිටින්නේ පසුගිය බදාදා කොටුව මහේස්ත‍්‍රාක් අධිකරණය විසින් දුන් උපදෙසක් අනුවයි.
මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක් මලදි ගැනීමේ සිද්ධියකදී මුල්‍ය වංචාවක් සිදු කල බවට ලැබුණු පැමිණිල්ලක් අනුව රණතුග මහතාගේ බිරිද වන මොරින් රණතුංග මහත්මියගෙන් මූල්‍ය විමර්ශන ඒකකය අවස්ථා 02කදී ප‍්‍රකාශ සටහන් කරගත් අතර පසුගිය 10 වනිදා රණතුංග මහතාට විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දි තිබිණි.







