FAST NEWS

24×7 Around the Globe

දඹුලු ලෙන් විහාර සංකීර්ණය වසා දැමේ..

දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම්දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ මෙම පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස් වී අදාළ තීන්දුව ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි කාලය තුළ ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු සිදු කිරීමටද මෙහිදී තීරණය කර තිබේ.

මේ දිනවල කතාබහට ලක්වෙන දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම් සහ පිළිම වහන්සේ විනාශ වී යාම පිළිබඳ මෙහිදී ප්‍රමුඛ අවධානය ලක් කෙරුණු අතර දේශීය සහ විදේශීය විද්වතුන් ඉදිරිපත් කර තිබූ වාර්තා පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් දඹුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල නා හිමියන් මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා සිටියේය..

“මේ ගැන විහාරාධිපති ලෙස මමවත් දන්නේ නෑ.  විහාරයක් වහන්න ඇමැතිට තියෙන අයිතිය මොකක්ද? අපි මේකේ උදේ හවස තේවාව කරනවා. දළදා මාලිගාවට බෝම්බ ගහපු වෙලාවේ දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කළේ දළදා මාලිගාව වහල ‍නෙවෙයි. අනේමන්ද මේ රටට මොනව වෙන්න යනවද කියලා?”

(DE සිල්වා)