FAST NEWS

24×7 Around the Globe

අර්ජුන ඇලෝසියස්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නියෝග..

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි මහ බැංකු බැඳුම්කර කොමිසම විසින් වැඩ බලන නීතිපතිවරයාට නියෝග කර තිබේ.

තම කොමිසම හමුවට පැමිණි සාක්කිකරුවකුට දුරකථන ඇමතුමක් දී කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

එම කොමිසමේ සාමාජික, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා විසින් පසුගිය 07 වැනිදා මෙම නියෝගය කර ඇත්තේ වැඩබලන නීතිපති ‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා වෙතය.

දෙවැනි දිනයටත් කොමිසම හමුවේ සාක්කි ලබාදීමට පැමිණි පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (භාණ්ඩාගාර ගනුදෙනු) අරුණ බෙනඩික් ඩයස් මහතා සාක්ෂි දෙමින් කොමිසම හමුවේ කරන ලද ප්‍රකාශයක් මත ඉහත කොමිසම මෙම නියෝගය කර තිබුණි.

සාක්කිකරුගේ ප්‍රකාශයෙන් හෙළිව තිබුණේ අර්ජුන ඇලෝසියස් මහතා සාක්කිකරුට දුරකථන ඇමතුමක් දී කිසියම් ප්‍රකාශයක් කර ඇති බවය.

(DE සිල්වා)