FAST NEWS

24×7 Around the Globe

පොලිසීයේ 20 කට ස්ථාන මාරු…

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට ඇතුලූ පොලිස් නිලධාරීන් 20 දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද  ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

සෙසු පොලිස් නිලධාරීන්  පිරිස අතර පොලිස් අධිකාරිවරයෙක් , සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, පොලිස් ස්ථානාධිපතිවරුන් 13 දෙනෙකු, පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු සිටින බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

පොලිස්පතියවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි  සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.

(DE සිල්වා)