FAST NEWS

24×7 Around the Globe

අලුත් ව්‍යවස්‌ථා ගෙනාවොත් ජනතාව සමග පරාජය කරනවා..

ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධන සිදු නොකරන බවට ජනපතිවරයා දුන් පොරොන්දුව කඩකරමින් අලුත් ව්‍යවස්‌ථා ගෙන ඒමට ආණ්‌ඩුව කටයුතු කළහොත් එය පරාජය කිරීමට ජනතාව සමඟ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ඊයේ (06 ) කොළඹ පැවැති ලංකා ජාතික මහා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රතන හිමියෝ කියා සිටියහ.

මේ ආණ්‌ඩුව බලයට ගෙන ඒමට තමා ඇතුළු භික්‌ෂුන් වහන්සේලා රැසක්‌ විශාල කැපවීමක්‌ කළ නමුත් ඩොලර් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධානවල කිහිප දෙනකුගේ අවශ්‍යතා මත ආණ්‌ඩුව අලුත් ව්‍යවස්‌ථා ගෙන එමින් රට අස්‌ථාවර කිරීමට උත්සාහ දරන බවද මේ තත්ත්වයට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවද ව්‍යවස්‌ථාවේ යම් යම් සංශෝධන සිදුකිරීමට විරුද්ධ නැතැයිද වහාම මැතිවරණ ක්‍රමය වෙනස්‌ විය යුතු බවද කී උන්වහන්සේ රජය පොරොන්දු වූ පියවර වහාම ගත යුතු බවද කීහ.

(DE සිල්වා).