එළඹෙන ඉරිදා (09) දිනය තුල කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයක පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
හදිසි අලුත්වැඩියාවක් කිරීමක් හේතුවෙන් එදින පස්වරු 02.00 සිට සඳුදා අලුයම 02.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බව එම මණ්ඩලය පවසයි.
මේ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, කොස්වත්ත සහ කොට්ටේ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ඊට අමතරව රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ මෙන්ම ඊට සම්බන්ධ සියලු අතුරුමාර්ග, රාජගිරිය ලේක් ඩ්‍රයිව් හා ලේක් ගාර්ඩ්න් ප්රදේශවලදට මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
(DE සිල්වා)









