FAST NEWS

24×7 Around the Globe

දිනේෂ් ගුණවර්ධන ජනාධිපති කොමීසමට කැඳවේ…

පසුගිය රජය සමයේ අම්පාර ප්‍රදේශයේ ආරම්භ කළ ජල යෝජනා ක්‍රමයකදී සිදුවී ඇතැයි කියන රුපියල් ලක්‌ෂ දසදහසක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් බරපතළ වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම ලබන සඳුදා (10 ) ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවෙද්දී දිනේෂ් ගුණවර්ධන මහතා විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිට ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති කොමිසම ඉදිරියේ ලබන සඳුදා පෙරවරු 10.00 ට පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී ඇත.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ හිටපු සභාපති කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාගෙන්ද ජනාධිපති කොමිසම මීට ඉහතදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

(DE සිල්වා)