FAST NEWS

24×7 Around the Globe

අගමැතිගෙන් එජාප මන්ත්‍රීන්ට විදෙස් සංචාර තහංචියක්..

අයවැය අවසන් වනතුරු මෙම වසර තුළදී සිය විදෙස් සංචාර සීමා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ඊයේ (06දා) ලිඛිතව දන්වා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

අදාළ ලිපිය මගින් අගමැතිවරයා දන්වා ඇත්තේ මෙම කාලය තුළ අත්‍යවශ්‍ය විදෙස් සංචාර තිබේ නම් ඒ පිළිබඳ සති තුනකට පෙර තමා දැනුවත් කරන ලෙස  අගමැතිවරයා අවධාරණය කර තිබේ.

රජයේ කටයුතු කාර්යක්ෂමව හා ප්‍රමුඛත්වයෙන් ඉටු කරගැනීම වෙනුවෙන් එම ලිපිය යොමු කරන බවද අගමැතිවරයා එමගින් වැඩිදුරටත් දන්වා ඇති බව පැවසේ.

(DE සිල්වා)