FAST NEWS

24×7 Around the Globe

සයිටම් අභියාචනයට මැදිහත්වීමට වෛද්‍ය සංගමයට ඉඩ…

සයිටම් ආයතනයට අදාළව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ගොනු කළ අභියාචනා පෙත්සමට මැදිහත්වීමට අවසර දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(06) අවසර ලබාදුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අදාළ පෙත්සමට මැදිහත්කරුවකු ලෙස සම්බන්ධවීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලූ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අවසර දුන්නේය.

(DE සිල්වා)