FAST NEWS

24×7 Around the Globe

යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 3944ක් අත්අඩංගුවට..

මේ වසරේ ගෙවී ගිය කාලය පරිච්ජේදය තුළ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 3944ක් යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යුධ හමුදා මුලස්ථානය පවසයි.

මෙම පිරිස් වලට එරෙහිව මේ වන විට නීත්‍යානුකූල පියවර ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බවද යුද හමුදාව සඳහන් කරයි.

මේ වසරේ ජනවාරි මාසය වන විට යුද හමුදාවෙන් පළා ගිය ප්‍රමාණය 34694ක් බව යුද හමුදාව පෙන්වා දෙයි.

(DE  සිල්වා)