FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථාව පිළිබඳ ත්‍රෛනිකායික ප්‍රකාශයට ටී.එන්.එ එකඟ නොවෙයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැතැයි යනුවෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බැව් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අවාධරණය කර සිටියි.

එ අනුව තෛනිකායික මහා නාහිමිවරුන් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසට මහා නිහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් යහපාලන ආණ්ඩුව පත් කර ගැනීමට කටයුතු කරනු ලැබුවේ  නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් බවත්, නව ව්‍යවස්ථාව තුළින් සියලු  දෙනාට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට හැකියාව පවතින බවත් හෙතෙම පෙන්වා දී ඇත.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම අවශ්‍ය නැතැයි තෛනිකායික මහා සංඝරත්නය පැවසීම සම්බන්ධයෙන් නැවත වතාවක් සළකා බලන ලෙසට ඉල්ලීම් කරන බවට දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාද  සඳහන් කර තිබේ.

(DE සිල්වා)