FAST NEWS

24×7 Around the Globe

උමා ඔය පිළිබඳ සෙවිමේ විශේෂඥ කණ්ඩායම් දිවයිනට..

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නෝර්වේ සහ ජර්මන් යන රටවල විශේෂඥ කණ්ඩායම් 2ක් ලබන අගෝස්තු 01 දා දිවයිනට පැමිණීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.

එ අනුව එම විශේෂඥයන්ගේ උපදෙස් මත උමාඔය ව්‍යාපෘතිය තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද සම්බන්ධයෙන් තීරණය කරන බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් කොළඹට කැඳවා සාකච්ඡා කර එහි වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක සහ විජිත් විජයමුනි සොයිසා යන මහත්වරුන් කටයුතු කළේය.

(DE සිල්වා)