FAST NEWS

24×7 Around the Globe

සිය තනතුර කපිලට දුන් හේතුව හිටපු ආරක්ෂක ලේකම් කියයි..

සිය තනතුරට අලුතින් කෙනෙකු පත්කිරීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැති බවත් ජර්මනියේ තානාපති ධුරයට තමා පත්කර ඇති බවද හිටපු ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ට්ආරච්චි මහතා මාධ්‍ය වෙත පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ආරක්ෂක ‍ලේකම් තනතුරට කපිල වෛද්‍යරත්න මහතා පත්කිරීම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙනි.

තමාව ජර්මනියේ තානාපති සේවයට පත්කිරීමට රජය තීන්දු කරනු ලැබුවේ මීට මාස එකහමාරකට පමණ ඉහතදී බව පැවැසූ ඒ මහතා එම ධුරය සම්බන්ධයෙන් වන අනිකුත් රාජතාන්ත්‍රික කටයුතු සම්පූර්ණ කළ  පසු ඉදිරි කාලය තුළ එම තනතුරේ රාජකාරි අරඹන බවද වැඩි දුරටත් පැවැසීය.

(DE සිල්වා)