FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහි දැවැන්ත විරෝධතා රැළිය අද නුගේගොඩදී..

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට බල කරන දැවැන්ත විරෝධතා රැලියක් අද (05) නුගේගොඩදී පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙම විරෝධතා රැලිය සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන්, විශ්වවිද්‍යාල  ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.

රැලිය ආරම්භ වීමට මත්තෙන් පස්වරු 1.00ට විජේරාම කිරුළපන සහ කළුබෝවිල සිට දැවැන්ත පා ගමන් තුනකින් විරෝධතා රැලියට එක්වීමට නියමිතය.

(DE සිල්වා)