FAST NEWS

24×7 Around the Globe

ජනපති ඝාතන කුමන්‍ත්‍රණය සම්බන්ධ කාන්තාවට වසර 02 ක සිර දඩුවම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයෙකු සිටි සමයේඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමට සම්බන්ධ වරද පිළිගත් 62 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විසින් අද (04) බරපතල වැඩ සහිත වසර 02 ක සිර දඬුවමක් නියම කර එය වසර 10 කට අත්හිටවනු ලැබීය.

2008 වර්ෂයේ මාර්තු 15 වැනිදා බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මෛත්‍රීපාල සිරිසේන මහතාව එල්ලවු මරාගෙන මැරෙන බෝම්බකාරියට නවාතැන් පහසුකම් දී ඝාතනයට කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ අදාළ කාන්තාවට නඩු පවරා තිබුණී.

මීට අමතරව ඇයට රුපියල් 25 දහසක දඩ මුදලක් නියම කළ අතර එය ගෙවීමට නොහැකි වුවහොත් සිර දඬුවම මාස 06 කින් දීර්ඝ කිරීමටද අධිකරණය අද නියෝග කළේය.

සෙල්ව කුමාර් වෙලමනි නමැති අදාළ කාන්තාව වව්නියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

(DE සිල්වා)