FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි මණ්ඩල දෙකේ දැඩි සේවක අතිරික්කතයක්..

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට සහ ජාතික ලොතරැයි මණ්ඩලයට පසුගිය කාලය තුළ දිගින් දිගටම බඳවා ගැනීම් සිදු කිරීම හේතුවෙන් මේ වන විට දැඩි සේවක අතිරික්තයක් පවතින බව එම මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

එක් සේවකයකු යොදවා කළ හැකි වැඩ කොටස් සඳහා සේවකයන් පස්දෙනකු පමණ බඳවාගෙන ඇති බවද වාර්තා වෙයි.

වර්තමානයේ පවතින පරිපාලනයේ අනවශ්‍ය බලපෑම් හේතුවෙන් මේ වන විට ඇතැම් සේවකයන් දැඩි කලකිරීමෙන් යුතුව සිය රාජකාරි සිදු කරන බවද ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග හෙළි කරයි.

(DE සිල්වා)