FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට වැසි – දකුණේ තද සුළං..

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මද වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (04) නිකුත් කළ කාලගුණ නිවේදනයෙහි සඳහන් වෙයි.

නැගෙනහිර,ඌව සහ උතුරු-මැද පළාත්වල මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එහි සඳහන්.

දකුණු පළාතේ (විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ) විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව  එම නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.

( DE සිල්වා)