FAST NEWS

24×7 Around the Globe

පනත සම්මත වන තෙක් මැතිවරණය පැවැත්විය නොහැකියි..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාල සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එය අද (04) සිට කැමැති වෙලාවක පක්ෂ නායකයින් එක්වී එම පනත සම්මත කළ හැකි බවත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (03) මඩකළපුවේදි පැවැත්වුණු ඡන්ද හිමියන්ගේ ජාතික උත්සවය අමතමින් සඳහන් කළේය.

පළාත් පාලන ආයතන නීති පාර්ලිමේන්තුවේ සම්මත කරන තෙක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව සඳහන් කළ අතර සියලු පක්ෂ එක්වී සාකච්ඡා කර මෙම පනත ඉක්මනින් සම්මත කර ඡන්දය පවත්වනු ඇතැයි කියා බලාපොරෙත්තු වන බවද හෙතෙම වැඩි දුරටත් අදහස් දක්වමීන් සඳහන් කළේය.

(DE  සිල්වා)