FAST NEWS

24×7 Around the Globe

අපදාවට පත් රාජ්‍ය නිලධාරීන්ට පොලී රහිත විශේෂ ණයක්..

2017 මැයි මාසයේ දී දිවයිනේ විවිධ ප්‍ර දේශවල අධික වර්ෂාව නිසා ඇති වූ ජල ගැලීම්, ගංවතුර හා නායයාම් හේතුවෙන් විපතට පත් රාජ්‍ය නිලධාරීන්ට පොලී රහිත විශේෂ ණය අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.

ඒ අනුව මෙම විශේෂ ණය අත්තිකාරම් මුදල ස්ථීර නිලධාරීන් සඳහා සිය මාසික වැටුප මෙන් හය ගුණයක ප්‍රමාණයකට සමාන මුදලක් ලබාදෙන අතර එම මුදල සමාන මාසික වාරික 36කින් ගෙවිය යුතු ව ඇත.

තාවකාලික හෝ අනියම් නිලධාරීන් සඳහා සිය මාසික වැටුප මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් ලබාදෙන අතර එම මුදල සමාන මාසික වාරික 18කින් ගෙවිය යුතුව ඇත.

රජයේ ස්ථීර නිලධරයන් සඳහා මෙම විශේෂ ණය අත්තිකාරම් මුදල් ලබාගැනීම සඳහා ඇපකරුවන් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර තාවකාලික හා අනියම් පදනම මත සේවයේ යෙදී සිටින නිලධරයන් මෙම ණය අත්තිකාරම් මුදල ලබාගැනීම සඳහා එක් ඇපකරුවෙකු ඉදිරිපත් කළ යුතුය.

මෙම විශේෂ අත්තිකාරම් මුදල් ගෙවීම අගෝස්තු 31න් අවසන් වන අතර මේ පිළිබඳ ව චක්‍රලේඛය හා ඉල්ලුම්පත්‍රය www.pubad.gov.lk වෙබ් අඩවිය වෙතින් ලබාගත හැකිය.

(DE සිල්වා)