FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු කළමණාකරනය සඳහා නිසි බලධරයෙක්…

ඩෙංගු උවදුර පාලනය කරනතුරු එය අමාත්‍යාංශ මට්ටමින් කළමනාකිරීමට සහ අවශ්‍ය පියවර ගැනීමට නිසි බලධරයකු ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ (03 දා) මෙම පත්වීම සිදුකොට ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් දෛනික රැස්වීම් පවත්වා රෝග නිවාරණය සඳහා අවශ්‍ය පියවර ගැනීම ඔහුට අයත් කාර්යය වෙයි.

2017 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 76077 දිවයින පුරා වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ සංඛ්‍යාව 226 කි.

(DE සිල්වා)