FAST NEWS

24×7 Around the Globe

දූෂණ මර්දන කාර්යාලය ගැන තීන්දුව අද කැබිනට්ටුවෙන්..

වංචා දූෂණ වැළැක්වීමේ අරමුණින්  වර්තමාන රජය පිහිටවූ දූෂණ මර්දන කමිටු ‍ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් වන තීරණයක් ගැනීම අද (04) ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී රැස්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සිදුවිමට නියමීත වේ.

එ අනුව මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක්ද අද රැස්වන කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දූෂණ මර්දන කමීටු ‍ලේකම් කාර්යාලයේ නිල කාලය පසුගියදා (30) අවසන් විය.

(DE සිල්වා)