FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීගෙන් අමෙරිකා ජනපතිට ලිපියක්..

අද (04) දිනයේ සිය 241 වැනි නිදහස සමරන ඇමෙරිකා එක්සත් ජනපද වැසියන්ටත්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුබ පැතුම් එක්කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමුකර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් නායකත්වය යටතේ ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වෙනු ඇති බව ජනාධිපතිවරයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එසේම තමා විසින් නායකත්වය ලබාදෙන සම්මුතිවාදී රජය යටතේ ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා නව මානයක් කරා පැමිණ ඇති බවත් මෛත්‍රී ජනපතිගේ ලිපියේ වැඩි දුරටත්  සඳහන් වෙයි.

(DE සිල්වා)