FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් වෙයි..

ව්‍යවස්‌ථාදායක සභාවේ ඉවත් වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

මැතිවරණ තවදුරටත් කල් දමන නිසා තවදුරටත් සිටීමෙන් පලක්‌ නොවන බැවින් ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳව අද (04) පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායමේ රැස්‌වීමේදී අවසන් තීරණයක්‌ ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී. රත්නායක මහතා මාධ්‍ය වෙත පැවැසීය.

ව්‍යවස්‌ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාද ඒ අනුව ඉවත්වනු ඇතැයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීමට නියමීත බවද හෙතෙම පැවසීය.

(DE සිල්වා)