FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සමාජීකයෝ 05 ක් කාලෝ ඉල්ලති..

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස නැවත වතාවක්  පත්කරන්නැයි වෛද්‍ය සභාවට ඡන්දයෙන් පත්වූ සාමාජිකයන් පස් දෙනකු සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

කාලෝ ෆොන්සේකා මහතා අග්නිදිග ආසියා රටවල වෛද්‍ය සභාවල සභාපති ධූරයට පත්ව සිටින අතර මහාචාර්යවරයාගේ එම ධූර කාලය නිමවීමට තවත් වසරක කාලයක් තිබෙන බවද ඒ මහතාට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය අහිමි වුවහොත් එය ශ්‍රී ලංකාවට නුසුදුසු තත්ත්වයැකැයි ද එම සාමාජිකයෝ ඇමැතිවරයාට යැවූ ලිපියේ සඳහන්වේ.

(DE සිල්වා)