ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් අද සිය පත්වීම් භාරගත්තා. ඒ, අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන සහ එස්.එම් රංජිත් සමරකෝන් යන මහත්වරුන්.
අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාතර වැඩබලන සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හක්මන ප‍්‍රධාන සංවිධායකවරයා වන්නේ ද ඒ මහතායි. එස්.එම් රංජිත් සමරකෝන් මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මිහින්තලයේ සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.







