FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද ..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද (03) පස්වරුවේ පැවැත්වෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා ඉදිරි සතියේ පාර්ලිමේන්තු සැසි සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කෙරුණු ජාතික ආණ්ඩු ගිවිසුම පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන්ද  එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)