FAST NEWS

24×7 Around the Globe

සිසුන්ට පහරදීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක්..

සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට වාර්තාවක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අදාළ වාර්තාව ලබන (06) බ්‍රහස්පතින්දා දිනයේදී කොමිසම හමුවේ සාකච්ඡා කිරීමට නියමිත බවත් ,අදාළ සාකච්ඡාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවද පැවසේ.

පසුගියදා පැවති සයිටම් විරෝධී පා ගමනක් අතරතුර සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට කඩාවැදී කලහාකාරී ලෙස හැසුරුණු අතර පසුව ඔවුන් ඉන් ඉවත් කිරීම සඳහා පොලීසිය පියවර ගනු ලැබීය.

(DE සිල්වා)