FAST NEWS

24×7 Around the Globe

මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ රැලිය අද ..

ඒකාබද්ධ විපක්‍ෂය පළාත් මට්‌ටමින් පවත්වන ආණ්ඩු විරෝධී ප්‍රධාන රැලි මාලාවේ තවත් රැලියක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ත්‍රිකුණාමල නගරයේදී පැවැත්වේ.

මෙම රැලියට ඒකාබද්ධ විපක්‍ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගිවීමට නියමිතය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි විදේශීයකරණය ඇතුළු ජනතා විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහිව මෙම ජන රැලිය පැවැත්වේ.

මේ රැලියට සහභාගිවීම සඳහා අනුරාධපුර මිහින්තලයේ සිට ත්‍රිකුණාමලය නගරය වෙත රථ පෙළපාලියකින් පිරිස පැමිණීමට නියමිතය.

(DE සිල්වා)