FAST NEWS

24×7 Around the Globe

කැබිනට් අනු කමීටුව අද උමා ඔයේ යති..

උමා ඔය ව්‍යාපෘතියෙන් ජනතාවට සිදුව ඇති පීඩාවන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කළ කමිටුවේ සාමාජිකයෝ අද (03වැනිදා) එම ව්‍යාපෘතියේ නිරීක්‌ෂණ චාරිකාවක නිරත වෙති.

මේ සඳහා කමිටු සාමාජිකයන් වන මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් සහභාගිවෙති.

මොවුන් පළමුව උමා ඔය භූගත උමං මාර්ගයේ නිරීක්‌ෂණ කටයුතුවල නිරත වනු ඇත.

ඉන්පසු මෙම ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමටද නියමිතය.

(DE සිල්වා)