FAST NEWS

24×7 Around the Globe

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට !

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මීල රුපියල් 260කින් ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට බදුන්ව ඇති අතර ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක්ද පත් කර ඇති බව පැවසේ.

ලිට්රෝ ගෑස් සමාගමේ ඉල්ලීමට අනුව අදාළ කැබිනට් පත්‍රිකාව පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මීල පිළිබඳ අවසන් තීන්දුවක් තවමත් ගෙන නොමැති බවත් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 260කින් ඉහළ නැංවීමට ඉඩ ඇතැයි කැබිනට් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල (කොළඹ) රුපියල් 1346.00කි.

(DE සිල්වා)