FAST NEWS

24×7 Around the Globe

විදුලි බල මණ්ඩලයට රජයෙන් රුපියල් බිලියන 55ක්..

විදුලි බල මණ්ඩලය සඳහා මේ වසරට රුපියල් බිලයන 55ක් මහා බාණ්ඩාගාරයෙන් ගෙවීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශය ආර්ථික කළමනාකරණ කමිටුවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශය විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ආර්ථික කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දන්වා ඇත.

අධික ඉන්ධන භාවිතයත්, නියඟය හේතුවෙනුත් විදුලිබල මණ්ඩලය දැඩි මූල්‍යමය ගැටලුවකට මුහුණ දී සිටින බවද වාර්තා වෙයි.