ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද(01) දිනයේදී ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවයි.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 50ක් දක්වා වූ තරමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.








